IMF එකඟතාවයට සුබ පතන්න අමෙරිකානු තානාපතිනිය මහ බැංකුවට යයි.

0

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින්  මේ බව සදහන් කර ඇත්තේ.

එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගත හැකියාව ලැබෙතැයි ඇය පවසනවා.

අමෙරිකානු තානාපතිනිය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ණයහිමි පාර්ශ්වයන්ට එකසේ සැලකීම වැදගත් බවයි.

එමෙන්ම ඊට සම්බන්ධ වන සියලුම පාර්ශ්වයන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බව ඇය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *