සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතියට ඩොලර් මිලියන 165ක්.

0

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගාසිටුවීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහනදායී පොලී අනුපාතයන් යටතේ ආයෝජන සහ කාරක ප්‍රාග්ධන ණය සැපයීම සඳහා රජය විසින් “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 165ක මූල්‍ය සහාය ඇතිව.

එසේම බැංකු විසින් මුදල් ප්‍රවාහය මත පදනම් වූ ණය ලබාදීම්වලට වඩා ඇපකර මත පදනම් වූ ණය ලබාදීමට ප්‍රමුඛතාව දැක්වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති අතර සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මුල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇ.ත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *