සූරිය මංගල්ලේ: අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

0

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි මේ බව සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සහකාර සුරාබදු කොමසරිස්වාරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *