හැත්තෑ හතේ ශාපය හරියටම

1

ලංකාව කියන්නේ අවුරුදු 45ක් අඛණ්ඩව නිදහස් වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මකවන රටක්, ඒ වගේම ආසියාවේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේ පුරෝගාමියෙක්. එනිසාම සිංගප්පූරුව, චීනය වගේ රටවල් නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රියාවලිය ආරම්භ කරද්දි ලංකාව ආදර්ශයක් ලෙස යොදා ගත්තා.
ඒත් ලංකාව නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ හතලිස්පස් වසරකට පසුත් තවමත් 77ට පෙර පැවති ආර්ථිකය, එනම් රජය මැදිහත්වෙලා ආර්ථිකය සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීම අගය කරනව.
නෂ්ඨාවශේෂ ලෙස පවතින වාමාංශික පක්ෂ, ජාතිකවාදී පක්ෂ සහ මේ දෙකේ දෙමුහුමක් වන ජවිපෙ වැනි පක්ෂ මේ මතය අඩු වැඩි වශයෙන් තවමත් දරනවා. ඒ නිසා 77ට පෙර සහ 77න් පසු, ඒ කියන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ පැරණි රාජ්‍ය ඒකාධිකාරී ක්‍රමය මදක් සසඳා බලමු.
සුද්ද ගියාට පස්සෙ
රටේ මුකුත්ම වෙලා නැද්ද?

ලංකාවෙ ආර්ථිකය වඩාත්ම විශාලව පැවතුනේ 2018 වසරෙදි. එතැන් සිට අපි කවුරුත් දන්න අවියත් මගේ
පරීක්ෂණාගාරයක් බවට පත්වී සිදුවූ අත්හදා බැලීම් නිසා රටේ ආර්ථිකය බිදවැටුණ.
ඒ නිසා අපි 2018 වසර පාදක වසර ලෙස සලකා, 1958 සිට 2018 දක්වා ආර්ථික දත්ත සලකා බලමු. මෙහිදී අපිට මතුවන ප්‍රධාන ගැටලු‍ව විවිධ වසරවල රුපියලේ අගය වෙනස්වීම. ඒ නිසා සියලු‍ වසරවල දත්ත 2018 රුපියලේ වටිනාකමට, එනම් 2018 රුපියල්වලින් ගණනය කරගන්න වෙනව. මෙතැන් සිට මෙහි සඳහන් කරන සියලු‍ දත්ත 2018 රුපියල් බව මතක තබාගන්න.
1958ට සාපේක්ෂව 2018 වන විට රටේ ආර්ථිකය 22.6 ගුණයකින් විශාල වෙලා තියනව. ඒ කියන්නෙ 2018 වසරේ රටේ ආදායම රුපියල් ලක්ෂයක් නම් 1958 රටේ ආදායම රුපියල් 4,433 යි.
ආර්ථිකය ප්‍රසාරණය වෙනව වගේම ජනගහනයත් වර්ධනයවූ නිසා 58ට සාපේක්ෂව 2018 වෙන කොට රටේ ආර්ථිකය විශාලවූ තරමටම පුද්ගල ආර්ථිකය විශාල නොවුණත් 2018 සාපේක්ෂව 1958 ඒක පුද්ගල ආදායම 10.8%ක් තරම්, ඒ කියන්නෙ 2018 පුද්ගලයෙක් පරිභෝජනය කළ භාණ්ඩ හා සේවාවලින් දහයෙන් එකක් තමයි 1958දී පුද්ගලයෙක් පරිභෝජනය කරල තියෙන්නෙ. ඒ අනුව ඒ කාලෙ සහ අද ප්‍රවාහනය, සංනිවේදනය, බෙහෙත් හේත්, ආහාර පාන, විනෝදාස්වාද කර්මාන්තය ආදී දේවල් සංසන්දනය කරල, පැරණි ජීවිතය මොනතරම් සීමාසහිත දුෂ්කර ජීවිතයක්ද යන්න තව දුරටත් හිතා ගන්න’පුලු‍වන්.
මේ විසි ගුණයක ආර්ථික වර්ධනය
ලබාදුන්නේ මොන ක්‍රමයද?

2018 රටේ ආදායම රුපියල් ලක්ෂයක් නම් 1958 එය 4,433ක් බව අප සදහන් කළින් සදහන් කළා, ඒ වගේම 1978දී එය රුපියල් 10,046ක්. ඒ අනුව රටේ ආදායමෙන් 90%ක් වැඩිවෙලා තියෙන්නෙ 77න් පස්සෙ. නැත්නම් නිදහස් වෙළඳපොළ ආර්ථිකය හඳුන්වා දීමෙන් පස්සේ.
2018ට සාපේක්ෂව 1978 ඒක පුද්ගල ආදායම 15.3% ඒ කියන්නෙ ඒක පුද්ගල ආදායමත් 85%ක් වැඩිවෙලා තියෙන්නෙ 77න් පස්සේ.
ආණ්ඩුවේ කොම්පැණි ගැන අතීතාවර්ජන
ඒකාලේ අපිට පූගොඩ, වේයන්ගොඩ,
තුල්හිරිය රෙදි තිබුණා. ඔරුවල වානේ තිබුණා. ලංලෝ තිබුණා. ඒ කාලේ තමා මාර කර්මාන්ත වර්ධනයක් තිබුණෙ, කියල කතාවක් අහල තියනව නේද?
කර්මාන්ත අංශයෙ 2018 වසරෙ නිෂ්පාදනයට සාපේක්ෂව 1978 තිබිල තියෙන්නෙ 6.8%ක් පමණයි. ඒ කියන්නේ රටේ කර්මාන්ත අංශයේ වර්ධනයේ
93.2%ක් වෙලා තියෙන්නෙ 77න් පස්සේ.
රජය මැදිහත් වෙලා, විශාල සමාජවාදී රාජ්‍යවල අනුග්‍රහයෙන් කර්මාන්ත දියුණු කළ 1958 -78 කාල වකවානුව තුළ කර්මාන්ත අංශයේ නිෂ්පාදනය
205%කින් ඉහළ ගිහිල්ල තියනවා. ඒක හොඳ වර්ධනයක්. ඒත් රජය මේ ක්‍රියාවලියෙන් ඉවත් වෙමින් පුද්ගලික අංශයට ඉඩ දුන් 78-98 කාලය තුළ එම වර්ධනය 221%ක් ඒ වගේම 1998-2018 කාලය තුළ කර්මාන්ත අංශයේ නිෂ්පාදනය වැඩිවීම 357%ක්. ඒ අනුව කර්මාන්ත වර්ධනය වෙලා තියෙන්නෙත් 77න් පස්සෙ.

සේවා ආර්ථිකය 77න් පසු නිර්මාණයක්ද?
හුඟ දෙනෙක් හිතන් ඉන්නෙ 77ට කලින් ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කර්මාන්ත සහ කෘෂිකර්මය මත පදනම්වූ ආර්ථිකයක් කියලා. සේවා ආර්ථිකය කියන්නෙ 77න් පසු නිර්මාණයක් කියල.
ඒත් 1958දී ලංකාවේ ආර්ථිකයේ 36.2%ක්, ඒ කියන්නෙ තුනෙන් එකකට වඩා සේවා ආර්ථිකයක් තිබුණා. අපේ රටේ කවදත් ආර්ථික වර්ධනයට වැඩිදායකත්වයක් දුන්නේ සේවා ක්ෂේත්‍රය. කෘෂි සහ කර්මාන්ත සංවර්ධනය තේමා පාඨය කරගත්ත 1958-1978 කාලයෙත් රටේ ආර්ථික වර්ධනයේ 58.9%කට දායකත්වය දීල තියෙන්නේ සේවා ක්ෂේත්‍රයෙන්. ඒ අනුව 1978 වන විට රටේ ආර්ථිකයෙන් 48.9%ක්’වුණ සේවා’ආර්ථිකය, 2018 වන විට රටේ ආර්ථිකයේ 53.7% ක් බවට සේවා අංශය පත්වෙනවා.
කෘෂිකර්මය දියුණු වුණෙත් 77ට පසු
1958දී ලංකාවේ ආර්ථිකය තුළ කෘෂිකර්ම අංශය පංගුවක් ලෙස වැඩියි. ඒ කියන්නේ ආර්ථිකයෙන් 48.5%ක් කෘෂිකර්මික අංශය. මේක තමයි හුඟක්
අය පටලගෙන තියෙන්නේ. ඒ කාලේ මාර කෘෂිකාර්මික පුනරුදයක් තිබුණ කියල. ඇත්තටම වෙලා තියෙන්නේ කර්මාන්තවල දායකත්වය අඩු නිසා කෘෂිකාර්මික පංගුව වැඩිවීම, ඒත් කෘෂිකර්මය වර්ධනය වෙලා තියෙන්නෙ 77න් පස්සේ. 1958 තිබිල තියෙන්නේ 2018 කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 28.2%ක් විතර. 1978 තිබිල තියෙන්නේ 2018 නිෂ්පාදිතයෙන් 40.4%ක්. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේත් 60%ක් වර්ධනය වෙලා තියෙන්නෙ 77න් පස්සේ. ලංකාවෙ වැඩිම වේගෙකින් කෘෂිකාර්මික අංශය වර්ධනය උනේ 78-98 කාලයේ.
එයට සාපේක්ෂව 98-2018 වේගයේ පොඩි අඩුවීමක් තියනව. ඒකට හේතුව 98ට කලින් ලංකාවෙ කෘෂිකර්මාන්තයේ උපාය මාර්ගය වුණේ හැකිතාක් ඉඩම් අස්වැද්දීමට වාරි ජලය ලබා දීම. දැන් අලු‍ත් ඉඩම් ලබාදීමට තිබෙන්නේ ඉතා සීමිතව, ඒ නිසා වගා බිම් වැඩිකරල කෘෂිකර්මය වර්ධනය කරන්න බෑ. ජවිපෙට කෘෂිකර්ම අමාත්‍යාංශය ලැබුණහම ඔවුන් ක්‍රියාත්මක කළ වැව් දසදහස ව්‍යාපෘතිය ඩී.එස්.ගේ ගල්ඔය හරි ජේ.ආර්.ගේ මහවැලිය වගේ හරි විප්ලවීය වැඩක් නොවන්නේ’ඒ’නිසයි.
දැන් තව දුරටත් ස්වභාවදහමේ ගොවිතැන් කරල ගොඩ යන්න බෑ. දැන් වර්ටිකල් ඇග්‍රිකල්චර් වගේ අඩු ඉඩම්, වැඩි අස්වනු ගොවිතැනට යන්න වෙනව. අඩු ජලයෙන්, අඩු පොහොර භාවිතයෙන් කරන හයිඩ්‍රෝපොනික් වගේ ක්‍රමවලට යන්න වෙනව. දේශගුණික විපර්යාසවලින් බේරෙන්න ග්‍රීන් හවුස්වලට යන්නම වෙනව. ඒ නිසා තමයි වර්තමාන රජය කෘෂිකාර්මික නව්‍යකරණයට බර තියල තියෙන්නෙ, ඒක තමයි මේ වෙලාවෙ කෘෂිකාර්මික’විප්ලවය.
58 දි කෘෂිකාර්මික නිෂ්පාදනය 48.5%ක් වෙද්දි දැන් ඒක 7.6%ක් වෙලා තියන එක අරන් සමහරු කියනව 77න් පස්සෙ කෘෂිකර්මය කඩා වැටුණ කියල, ඒක කරුණු නොදැන කියන මෝඩ කතාවක්. අපි කළින් සඳහන් කළ විදිහට 77ට පස්සෙ තමයි 60%කින් කෘෂිකර්මය වර්ධනය වෙලා තියෙන්නෙ, ඒත් කර්මාන්ත අංශයේ වර්ධනය නිසා ඒකෙ පංගුව අඩුවෙලා
1958 2018
කෘෂි 48.5% 7.6%
කර්මාන්ත 15.2% 30.1%
සේවා 36.2% 53.7% මේක හොඳ ප්‍රවණතාවයක් කෘෂිකාර්මාන්තය රටක ප්‍රමාණාත්මකව වැඩිවෙන ගමන් පංගුවක් විදිහට අඩුවෙන්න ඕනෙ.
උදාහරණයක් ලෙස තමන්ගේ රටේ අවශ්‍යතාවය වගේ, අනූ ගුණයක් කෘෂිකාර්මික නිෂ්පාදන කරන එක්සත් ජනපද ආර්ථිකයේ කෘෂිකර්මාන්තයේ පංගුව 1%යි.
ඒකෙ අදහස ඒ රටේ මිනිස්සු කන බොන එක වෙනුවෙන් වියදම් කරන පංගුවට වඩා තව බොහෝ දේ කරනව කියන එක. රටක ආර්ථිකයෙන් භාගයක් කෘෂිකර්මික නිෂ්පාදනය කියන්නේ ඒ රටේ මිනිස්සු තමන්ගෙ ආදායමෙන් භාගයක් වියදම් කරන්නෙ කන්න බොන්න විතරයි.
යහපත් ජීවන තත්වයක් කියන්නේ ඒක නෙවෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, විනෝදාස්වාදය, සංනිවේදනය, සංචරණය වගේ දේවල් ජනතාව වැඩියෙන් පරිභෝජනය’කරන්න’ඕනෙ.
ඇත්තම ශාපය මොකක්ද?
77න් පස්සේ රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ඇවිත් තිබුණත් ඒ මඟට අපිට පස්සේ ආපු රටවල් වගේ වේගෙන් යන්න අපට බැරි වුණා, ඒකට හේතුව අනිත් රටවලට නැති විලංගුවක් අපි දාගෙන තිබුණ නිසා ඒ විලංගුව ඇදගෙන යන්න ගිහින් අපේ වේගය අඩාල වීම සිදුවුණා. ඒ විලංගුව තමා අපි ආර්ථික වශයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රමයට ආවත් අපි චින්තනමය වශයෙන් තවමත් වාමාංශිකයන් වීම. වෙන විදිහකින් කිව්වොත් අපි පොහොසත් ආර්ථික මඟකට පිවිසුණත්, චින්තනමය දිළින්දන් වීම.
මේකට හේතුව අපේ රටේ බොහෝ දෙනෙක් තමන්ගෙ ජීවිතේ මුල් කාලේ වාමාංශික සහ ජාතිකවාදී සාහිත්‍යයක ඇසුර ලබපු අයවීම.
සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ආර්ථික ජීවිතය වෙනස් වෙන වේගෙට එයාගෙ සංස්කෘතික ජීවිතය වෙනස් වෙන්නෙ නෑ. වරක් පිදෙල් කැස්ත්‍රෝගෙන්, “ඔයාගෙ තාත්ත ඉඩම් හිමියෙක් වෙලා ඔයා කොහොමද විප්ලවවාදියෙක් වුණේ?” කියල ඇහුවම ඔහු කියනව “‍මගෙ තාත්ත ඉඩම් හිමියෙක් වුණාට මගේ සීයා ඉඩම් හිමියෙක් නෙමේ කියල”‍ ඒකෙන් ඔහු අදහස් කරන්නේ ඔහුගෙ පියා ධනවතෙක් වුණත්, සීය නිර්ධනයෙක් නිසා තාත්තගේ සංස්කෘතිය නිර්ධනයි. පිදෙල්ට ඇවිත් තියෙන්නේ ඒ සංස්කෘතිය කියන එක.
ආර්ථික ජීවිතයට වඩා පරම්පරා කීපයක්, සංස්කෘතික ජීවිතය තියෙන්නේ පසුපසින්. මේ කරුණ තවදුරටත් පැහැදිලි නැත්නම් කොළඹ සන්නිය චිත්‍රපටය හෝ මැණික් නදිය ගලා බසී ටෙලිනාට්‍ය’නරඹන්න.

……වරා……

1 thought on “හැත්තෑ හතේ ශාපය හරියටම

  1. About author?Who is the author of this හැත්තෑ හතේ ලිපියේ. ~ මොන්ටිසෝරි බබෙක් අද ජීවිතේ ආලෝකයක් දකින්න ලැබිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *