හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් දිවි ගමනට සමුදෙයි

0

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා ඊයේ (27) සවස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 98 හැවිරිදි වියෙහි පසුවුණා.

මුදල් අමාත්‍යවරයකු විසින් ඉදිරිපත් කළ වැඩිම අයවැය සංඛ්‍යාවට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ රොනී ද මෙල් මහතායි.

ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අය වැය 11ක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයෙක් වනවා.

එමෙන්ම ඔහු 1977 සිට 1988 දක්වා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *