බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු මැද සහ උතුර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම, උතුර, වයඹ, බස්නාහිර සහ දකුණ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.