අධ්‍යාත්මික ස්මාරක 9ක් ඉදි කෙරෙන‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඇරැඹේ

ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවේ හා සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් සනිටුහන් කරමින් රාමායන වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක 9ක් රට පුරා ස්ථාන නවයක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඊයේ (23දා) ආරම්භ විය.

ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරමින් කලාපීය ප්‍රබල ආයෝජකයින් සමග එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.