අමාරු කාලයක් වුවත් චාරිත්‍ර අත්නොහැරිය යුතුයි

අමාරු කාල පරිච්ඡේදයක් වුණත් චාරිත්‍ර විධි අතහැරිය යුතු නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ අගමැති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධාන කළ දියවන්නා ලාභම ලාභ අවුරුදු පොළ පැලවත්ත, පාලම් තුන හන්දියේදී පෙරේදා (08) ආරම්භ කරමිනි.