අලියාගෙන් නොව පොදු ලකුණකින් රනිල් ජනපති සටනට – ආශු මාරසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනාධිපතිවරණයට අලියා ලකුණින් නොව වෙනත් පොදු ලකුණකින් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ඊයේ (09දා) පැවසීය.

ජනාධිපතිවරයා අලියා, පොහොට්ටුව, හංසයා යන ලකුණුවලින් නොව නව ලකුණකින් තරග කරන බවත් එම ලකුණ සන්ධාන ගතවන පක්ෂ සහ සිවිල් සංවිධාන නායකයන්ගේ එකඟතාවෙන් තීරණය කරන බවත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසීය.