අවුරුද්දට ගම-රට යන්න ලක්ෂ 13ක් පෝලිමේ

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල සඳහා ගම්බිම් බලා කොළඹින් පිටත් වන පිරිස ලක්ෂ 13ක් වැනි විශාල අගයක් ගනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසීය.

මෙසේ පිටත්වන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද ජයවර්ධන මහත්මිය පැවසීය.