අවුරුදු ක්‍රීඩා තරග සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ

අලුත් අවුරුදු උත්සව සමයේදී පවත්වනු ලබන අවුරුදු ක්‍රීඩා උත්සවවලදී ඊට සහභාගි වන තරගකරුවන් සහ තරගකාරියන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති සහ කැලණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය අරන්ජන් කරුණානායක හදිසි කායික ප්‍රතිකාර පිළිබඳ විශේෂණ වෛද්‍ය සෙනිත් ලියනගේ, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන සහ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග, ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මානගේ, වෛද්‍ය ඉර්ෂාද මස්හුඩ් සහ වෛද්‍ය චතුර එදිරිසිංහ යන අයගේ උපදෙස් මත මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත.