අවුරුදු ගීය විකෘති කළ සුරාබදු නිලධාරියා 22 දා තෙක් රිමාන්ඩ්

‘සූරිය මංගල්ලේ’ නම් අලුත් අවුරුදු සැමරුම් ගීය අසැබි වචන යොදා සංස්කරණය කළැයි කියන අයකු මේ මස 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා සැකකරු බන්ධනාගාරය මගින් කුරුණෑගල මානසික ඒකකයට යොමුකර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන්නැයි ද නියම කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ දුම්මලසූරියේ සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය පදිංචිකරුවෙකි.