අස්වැසුමට තව පවුල් 182,140ක් සුදුසුකම් ලබති. ගෙවීම් 18වැනිදා වනවිට ගිණුම්වලට

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මේ මස 18 වැනිදා වන විට ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව ද කියයි.