ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ පළමු රැකියාලාභීන් පිරිස 13වැනිදා යයි

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි