උතුර සහ වයඹට ගිගුරුම් සහිත වැසි.

උතුරු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

සෙස පළාත්වල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

තවද උතුරු,උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැසි තරමක තද වැසි ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදේ කාලයේ වැසි ඇති විය හැකියි.