ඒ. ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු 20 දා රාජ්‍ය ගෞරව සහිතව

අභාවප්‍රාප්ත සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 20 වැනිදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය.

දේහය ලබන 20 වැනිදා දහවල් 12.00 දක්වා මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය. ඉන්පසු දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යෑමට නියමිතය.

ඉකුත් 16 වැනිදා රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණි.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවුණි.

1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.