කුඹුරු අක්කර තිස්දහසකට පරාක්‍රම සමුද්‍රයෙන් දියවර

කුඹුරු අක්කර තිස්දහසකට අධික ප්‍රමාණයකට දියවර සැපයෙන පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භය ඊයේ (18 දා) පෙරවරු 9.04ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ගොවි නායකයන් සහ ගොවි ජනතාව සමඟ එක්ව වැවේ ප්‍රධාන සොරොව්වේ ජල දොරටු විවෘත කර ජලය මුදාහැරීම සිදුකළ අයුරු.