කොතලාවල වෛද්‍ය පීඨයට ගෙවීමේ

පදනමින් සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැකි බව රජය පවසයි.

එම අවස්ථාව තවදුරට ත් පුළුල් කරමින් 2024 අධ්‍යන වසරේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයැදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැලසුම් කර තිබේ.