ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශන ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා දින පහක් පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා ගාලු මුවදොර පෝට් සිටි නගරයේ පැවැත්වීමට නියමිතය.

‘කලම්බු එයර් ෂෝ ඇන්ඩ් ඩිෆෙන්ස් එක්ෂිබිෂන් 2024‘ නමින් එම ප්‍රදර්ශනය සංවිධානය කෙරන අතර ‘අනාගතයට කෙසේ පියනඟන්නේද?‘ යන් තේමා කරගනිමින් එම ප්‍රදර්ශනය පැවැත්වෙන් අතර  ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානයේදී (10)  පැවැත්විණි.