ගෝඨාගේ වාහනය පදින හංසමාලිගේ වත්කම් විමර්ශනය කරන්න – ‘මගෙන් රටට’ සංවිධානයෙන් පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා CBH-1949 රේන්ජ් රෝවර් රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා පෙරේදා (17) ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.