ජනපති ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදා ගනී

ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (06) උදෑසන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය