ජනවාරි 22 සිට රියදුරන්ගේ වැරදි හොයන්න අලුත් ක්‍රමයක්

මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරනවා.

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා නිරීක්ෂණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව රථවාහන වැරදිකරුවන් හඳුනාගෙන, දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානයට යොමු කෙරෙනු ඇති.