ජය ශංකර් හෙට එයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා  විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා හෙට (20)  ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දීය විදේශ ලේකම්වරයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බවද සඳහන් වෙයි.