දේව මෙහෙයන් “පාස්කු සැමරුමට අවදියෙන් සිටිමු”

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි වර්ෂය සැමරීම නිමිත්තෙන් ලබන 21 දින “යුක්තිය ඉටුවන තෙක් අප අවදියෙන් සිටිමු” යන තේමාව යටතේ කතෝලික සභාව විශේෂ ආගමින වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

මේ අනුව මෙම බෝම්බ පිපිරීම් සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරුවලදී මෙම මෙහෙයන් සිදුකරන අතර මඩකලපුව දේවස්ථානය තුළත් දේවමෙහෙයන් පැවැත්වීමට එම දෙව්මැඳුරු භාර බැතිමත්හු ක්‍රියාකරගෙන යති.