ධීවර මහතුන්ට හා  නාවික ප්‍රජාවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුවත් කිරීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (23) උදෑසන  7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) උදෑසන 7.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් වෙයි.

මෙහිදි ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා  හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 65 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.