නීති විරෝධී ධීවර කටයුතු කළ ධීවරයින්ට වැඩ වරදියි

මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ධීවරයින් හත් දෙනෙකු හා ඔවුන්ට අයත් බෝට්ටු පහක් නවික හමුදාව විසින් ඊයේ (18)අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් ධීවරයින් හත් දෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් හා ඔවුන්ගේ යාත්‍රා ඇතුළු ධීවර ආම්පන්න නාවික හමුදාව විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යලය වෙත බාර දී තිබේ.

එම කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කලේ ඔවුන්ව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.