නෞකාවට පටවන්න ගිය වාහනයක් මුහුදට වැටෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටී ඇත.

එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

අද (03) අළුයම 2.30 ට පමණ වාහන පැටවීමේ දී මෙම අනතුර සිදු වී ඇත.

නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව තිබේ.

රියදුරුට නින්ද යෑම හේතුව වන්නට ඇතැයි දැනට අනාවරණය වී ඇත.