පාස්කු විවාදයකින් මැතිසබය අවුරුද්දට යළි වැඩ අල්ලයි

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව ලබන 24, 25 සහ 26 යන දිනයන්හි රැස්වන අතර එම තෙදින පුරාම විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.