පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය.

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවදානය යොමුව ඇත්තේ.

කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර නවීන කෘෂිකර්ම තාක්ෂණික ලේකම් කාර්යලක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නියමිත බවයි වාර්තා වන්නේ.