පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාවට පොලිසියේ 4500ක් සේවයට යෙදවේ.

මෙවර පැවැත්වෙන පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් හා පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 4500කට අධික පිරිසක් යොදවා ඇතිබව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා  සදහන් කර ඇත.

මේ සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ හා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ද සහයෝගය ලැබෙන බවද හෙතෙම පවසන ලදි.