බෙලිඅත්ත සජබ සංවිධායක එජාපයට එක් වෙයි

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක හිටපු ඇමැති රංජිත් අතපත්තු පුත් වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා ඊයේ (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය.

අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගි විය.