භාණ්ඩ වර්ග 5 ක මිල පහළට.

හෙට (19) සිට ක්‍රියාත්මක පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති එහි නව මිල රුපියල් 650ක්.

මේ අතර දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545ක් වන අතර මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල 1100කි.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090කි.

කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා තිබෙන්නේ.