මතට ඇබ්බැහිය මනස්ගාතයක්
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර
මත්ද්‍රව්‍ය නිසා වර්ෂයකට රුපියල් කෝටි ගණනාවක් පමණ මෙරට ආර්ථිකයට අහිමිවන බව වසර ගණනාවකට පෙර
සමීක්ෂණයක් ඇසුරෙන් හෙළිකර ගන්නා ලදී. එහෙත් මේ වන විට ඒ ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇතුවාට සැක නැත. එසේම තරුණ පරපුර බිලි ගැනීමට විවිධාකාරයෙන් එන මත් රකුසාගෙන් ඔවුන් බේරාගැනීමත් රටක් වශයෙන්
අනිවාර්යයෙන් ප්‍රමුඛත්වය දිය යුත්තකි. ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මෙරටට ලක්ෂ ගණනක් වන, මත්
ඇබ්බැහිකරුවන් ඉන් මුදවාගෙන සංවර්ධනයේ මාවතට රට ගෙන ඒමට ගත යුතු පියවර ආදිය පිළිබඳ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා විසින් දක්වන ලද අදහස් කිහිපයකි මේ.
1984 වර්ෂයේදීයි මේ රාජ්‍ය ආයතනය පිහිටෙවුවේ. මෙරට මත් උවදුර තුරන් කිරීමේ කර්තව්‍ය අතින් අතිශය විශාල වැඩ කොටසක් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලයට පැවරෙනවා. නිවාරණය, දැනුම්වත් කිරීම, ඊට අදාළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී සහාය වීමත් අන්තර්ජාතික වශයෙන් මත් උවදුර මැඬලීමේ නිරත ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීම ආදී දේශීය, අන්තර්ජාතික වශයෙන් පැති ගණනාවකට ඒ මෙහෙවර පැතිරෙනවා. එක් එක් සෑම රටකම අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය ස්ථාපිතයි. ඒ සියල්ල ඊට අදාළ අන්තර්ජාතික ප්‍රධාන ආයතනයත් සමගත් සම්බන්ධයි. ඒ අනුව ලෝකයේ මතු වන අලුත් මත් ප්රවණතා පිළිබඳ ඒ මඟින් රට රටවල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල දැනුම්වත් කරනවා. ඒ සහ සම්බන්ධතා ඉතා වැදගත්. අනෙක සෑම රටකම පාහේ මේ ගැටලුව තියෙනවා. ඒත්, එක් එක් රටට එය බලපාන විදිය වෙනස්.