මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් අඩු කරයි

සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (25) පැවති රැස්වීමේ දී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.