මාක් සකර්බර්ග් දැරූ තනතුරකට ජීවන් තොණ්ඩමන්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගත් ලෝක ආර්ථික සංසදයේ තරුණ ගෝලීය නායකයකු ලෙස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ.

එම තනතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, නවසීලන්ත අගමැතිනි ජසින්තා අර්ඩීන්, අලි බබා නිර්මාතෘ ජැක් මා, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වැනි ලෝ ප්‍රකට අය විසින් හිමි කරගත් තනතුරක් වන අතර වයස අවුරුදු 40 තෙක් එම තනතුර දැරීමේ හැකියාව තිබේ. මෙරට ඉතිහාසයේ දේශපාලනඥයකු එම තනතුර සඳහා පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වේ.