මාස හයක යුක්තිය මෙහෙයුමේ ප්‍රගතිය

මාස හයක කාලයක් තුළ ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ ජාවාරම් කරුවන් 5,449ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මේ බව ඒ මහතා  සඳහන් කරන ලද්දේ ෙකොළඹදී පැවැති මාධ්‍ය හමුවේදීය.

මේවනවිට පොලිස් කොට්ඨාශය වෙත වාර්තා වී ඇති මුළු ජාවාරම් කරුවන් ගණන 5,979කි. ‍

එසේම අත්අඩංගුවට ගැනීමට සිටින පිරිස 530කි බවත් සඳහන් කෙරිණ.