යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැට් බදු පනත් කෙටුම්පත.

අද (11) දිනයේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළිත් වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ගණපූරණය නොමැති වීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව සභාව අද දිනය දක්වා කල්තැබුණු අතර අද නැවතත් සම්මත කර ගැනීම සඳහා වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ කළ අතර සභාවේ මූලික කටයුතුවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කිරීමට නියමිතයි.