රට නිවැරදි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො  දුවන්නේ ඇයි?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද(2) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියකින් ඉදිරියට යන විට  විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව පැවසීය.

කවුරු බලයට ආවත් ආපසු හැරීමක් නැතැයි පැවසු ජනාධිපතිවරයා  වත්මන් ආණ්ඩුවේ  වැඩපිළිවෙළ තුළ ඉදිරියටම යා යුතු බව ද සඳහන් කළේය.

මේ බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක්  කරමිනි