රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු ආදායම්ලාභීන්ට සහ විවිධ සෞඛ්‍ය ගැටලුවලට පත්ව සිටින සෑම පවුලකටම සහල් ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නවා. අඩු ආදායම් ලබන පවුල්වල ජනතාව සහ ඔවුන්ගේ දරුවන් ආහාරයෙන් එක වේලක් හෝ පෝෂණය කිරීම ආණ්ඩුවේ අරමුණයි