රාජ සභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපති සිරගෙට

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) එම තීන්දුව ප්‍රකාශයට පත් කළා

ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි එලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ.