වඩයයි – පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

කළුතර නගරයේ සැරිසරමින් සිටි සංචාරක මඟ පෙන්වන්නෙකු විදේශිකයාට උදව් කරන මුවාවෙන් කළුතර නගරයේ පිහිටි අවන්හලකට රැගෙන ගොස් උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් මිලදී ගැනීමට සලස්වා තිබේ.

පසුව බෙල්ජියානුවා සංචාරක මඟ පෙන්වන්නා ගෙන් එහි මිල විමසා ඇති අතර , මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ.

මිල අදහා ගත නොහැකි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළඳ සැලෙන් පිටව ගොස් ඇති අතර, සියල්ල ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ.