ශ්‍රීලනිප මූලස්ථානයට දෙපිලම අගුල් දමති

April 10, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (09දා) පොලිසිය සමග ගොස් ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුළු වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා මහ ලේකම්වරයා සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ශ්‍රීලනිප මූලස්ථානයේ තිබුණු ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට මහ ලේකම්වරයා විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කිසිවකුටවත් ගොඩනැඟිල්ලට ඇතුළුවීමට නොහැකි වන පරිදි ඉබි යතුරු දමා වසා දැමීමට කටයුතු කර තිබුණි.

මේ අතර පෙරේදා (08දා) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ඇමැති මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති රැස්වීමකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන ශ්‍රීලනිප සභාපති ලෙස පත්කර ගන්නා ලදී.