ශ්‍රී ලංකා – ඉන්දීය සහෝදර බැඳීම කාටවත් සම කළ නොහැකියි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අද්විතීය සහෝදරත්ව බැඳීමක් එම බැඳීම කිසිම රටකට සමකළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීම සඳහා හැකි සියලුදේ කිරීමට ඉන්දියාව කටයුතු කරන බවද මහා කොමසාරිස්වරයා පැවැසුවේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද පැවති ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුව අමතමින් සන්තෝෂ් ජා මෙම අදහස් පළ කළේය.