සතොස භාණ්ඩ 4ක මිල පහළට.

අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස සදහන් කරනවා.

 සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6 කින් ද කඩල කිලෝවක් රුපියල් 6 කින් ද රතු පරිප්පු කිලෝවක් රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් අඩු කළ බවයි ලංකා සතොස සඳහන් කරන්නේ.

ඒ අනුව සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 222 ක් ද, කඩල කිලෝවක නව මිල රුපියල් 549 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 295 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 169 ක්ද වනු ඇති.