සමගි බුද්ධි මණ්ඩපය’ කොළඹදී රැස්වෙයි

ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ සමගි බුද්ධි මණ්ඩපයේ මෙම වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි අද (7) පස්වරුවේ පැවැත්වීය.

මෙය සමගි බුද්ධි මණ්ඩපයේ දෙවැනි වාර්ෂික සමුළුවයි.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක විද්වත්හු මෙන්ම විදේශ විශ්වවිද්‍යාල ද නියෝජනය කරමින් දේශකයෝ සහභාගි වී සිටියහ.