සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලැබූ ඩයස් ප්‍රනාන්දු ක්ලින්ටන් (17) නැමති සිසුවකු මෙසේ අතුරුදහන්ව ඇත.

කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි ජිවිතක්ෂයට පත් සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග අද පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නැමට ගොස් පාසල් සිසුවා කාසල්රි ජලාශයට බැස මෙගොඩ සිට එගොඩ දක්වා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වි ඇති බවයි මියගිය සිසුවා සමග දිය නැමට ගිය පවුලේ සමාජිකයෝ කියති.