හමුදාවෙන් අස්වෙන අයට මැයි 20දා තෙක් සමා කාලයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇත.