ෆොක්ස්හිල් අනතුරින් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් යුද හමුදාවෙන් උපරිම සහාය

දියතලාව ෆොක්ස්හිල් අනතුරින් මියගිය අයගේ පවුල්වල හා තුවාල ලැබූ අයගේ තොරතුරු සොයා ඔවුන්ට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා හමුදාවට උපදෙස් ලබාදුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසීය.

මියගිය අයට හා තුවාල ලැබූවන්ට අවශ්‍ය රක්ෂණ සහතික තරගාවලිය සංවිධානය කළ පෞද්ගලික සමාගමක් මගින් ලබාදීමට කටයුතු කළ බවත්, යුද හමුදාව මගින් මියගිය අයගේ අවමඟුල් කටයුතු වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා කීය.