ප්‍රධාන පාසල් 1250ක් සුහුරු පාසල් බවට පත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එකම ජාලයකට ඉදිරියේ දී ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඊට චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් ලැබෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පවසන ලදි.