අක්කර 2000ක කීරි සම්බා හම්බන්තොටින්

එළඹෙන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්රික්කයේ අක්කර 2000 කීරි සම්බා වගාව ව්යාප්ත කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත් මහින්ද අමරවීර මහතා පවසන ලදි.

කුඩා හා මධ්‍යම සහල් මෝල් අයිතිකරුවන් මගින්  වී මිල දී ගැනීම රජයේ වැඩ පිළිවෙළ බව කී අමාත්‍යවරයා ඒ සඳහා ඔවුන්ට රුපියල් මිලියන 25 සිට 50 දක්වා වූ ඔඩපන ණය මුදලක් රජය ලබා දෙන බව සඳහන් කරන ලදි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම සඳහා ණය ගන්නේ නැතිව මණ්ඩලය  සතු මුදලින් වී මිල දී ගන්නා බව පැවසූ අමරවීර මහතා මේ නිසා පසුගිය කන්න දෙකෙදීම වී අලෙවි මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කරන්නට හැකි වූ බව සඳහන් කෙරිණ.